හිරු මඩලද
සඳවතිය ද
රෑ තුන් යම දිලෙන
රන්වන් තරු කැළ ද
රැගෙනැවිත් මවෙත
සුර සැප පුදන බැව්
දුන් පොරොන්දුව අමතක වීද
සදාකාලික කඳුලක් පුදා
හැර ගියේ ඉතිරි කොට
පෙති හැලුනු සෙව්වන්දියක්..
සඳවතිය ද
රෑ තුන් යම දිලෙන
රන්වන් තරු කැළ ද
රැගෙනැවිත් මවෙත
සුර සැප පුදන බැව්
දුන් පොරොන්දුව අමතක වීද
සදාකාලික කඳුලක් පුදා
හැර ගියේ ඉතිරි කොට
පෙති හැලුනු සෙව්වන්දියක්..
ලස්සන පද පෙළක් සහෝ.......
ReplyDeleteඅලුතෙන් පටන් ගත්තු බ්ලොග් ලිවීමට මගෙන් සුබපැතුම්!!
(word verification අයින් කරන්න පුලුවන්නම්...)
බොහොම ස්තුතියි යාලුවා...
ReplyDeleteඔන්න word verification අයින් කලා :-)
සඳවතිය නොදුන්නත්
ReplyDeleteහිරු මඬල නොදුන්නත්
සුර සැප නොදුන්නත්
ආදරය දුන්නානෙ මං
හැරගියේ ඔබ මාව
මා එපා වීලාද..
පෙති හැලී ගියත් ඔබෙ
ආදරෙයි පෙර සේම..
ලස්සනයි කවිය...
-සෝරෝ
ලස්සනට ලියල තියනවා පදපෙළ. දිගටම ලියන්න.
ReplyDeleteසුබපැතුම්.