28 April, 2010

සඳ ඔබ වූ කල

ඔබ සඳ නම්
නිසල රාත්‍රියේ
වළා පටලයට මුවා වූ විට
අමාවක සඳ රැයේ
නිහඬවම සැඟව හිඳි විට,

මා කිමෙක් දෙස බලම් ද?



සඳ ඔබ නම්
රාත්‍රියේ පමණක්
මවෙත පැමිණෙන
හිරු රැසින් පිළිස්සුන
දිවා කාලයට,

කිමෙක් මා දෙස බලත් ද?

2 comments:

  1. ලස්සනයි ..ඉදියටම යන්න

    ReplyDelete
  2. ධෛර්යමත් කිරීම කොයි දේ කිරිමෙදිත් ගොඩාක් වටිනවා..
    බොහොම ස්තුතියි පබලු..

    ReplyDelete