29 April, 2010

තවත් එක් කතාවක්...


හිරු මඩලද
සඳවතිය ද
රෑ තුන් යම දිලෙන
රන්වන් තරු කැළ ද
රැගෙනැවිත් මවෙත
සුර සැප පුදන බැව්
දුන් පොරොන්දුව අමතක වීද
සදාකාලික කඳුලක් පුදා
හැර ගියේ ඉතිරි කොට
පෙති හැලුනු සෙව්වන්දියක්..

4 comments:

  1. ලස්සන පද පෙළක් සහෝ.......

    අලුතෙන් පටන් ගත්තු බ්ලොග් ලිවීමට මගෙන් සුබපැතුම්!!


    (word verification අයින් කරන්න පුලුවන්නම්...)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාලුවා...

    ඔන්න word verification අයින් කලා :-)

    ReplyDelete
  3. සඳවතිය නොදුන්නත්
    හිරු මඬල නොදුන්නත්
    සුර සැප නොදුන්නත්
    ආදරය දුන්නානෙ මං

    හැරගියේ ඔබ මාව
    මා එපා වීලාද..

    පෙති හැලී ගියත් ඔබෙ
    ආදරෙයි පෙර සේම..


    ලස්සනයි කවිය...

    -සෝරෝ

    ReplyDelete
  4. ලස්සනට ලියල තියනවා පදපෙළ. දිගටම ලියන්න.
    සුබපැතුම්.

    ReplyDelete