වෙනස් එකෙකු ලෙස
උන් අතර මැද
සැරිසරුවද නුඹ බෝ කලක්...
නොරිස්සමින්
රට යන අත
විකටයන් මෙන් දුටද
මත් වී නටන රිළා රැල...
බලා හිඳ, බලා හිඳ
උන්ගේ පුරුදු දෙසම
නුඹද දැන්
උන් එකෙකු වී ඇත
හෙටක් ගැන නොසිත
අරමුනක් නොදැන
පිස්සුවෙන් නටන...
10 November, 2010
වි...මුක්තිය
රන්වන් සේල පා කොට මද නලේ
බබළමින් කහ පිරුවටෙන්...
පියෙන් පිය මනිමින්
පළින් පළ ගිමන් හරිමින්
ගියේ කුමටද සසර තරණය කරන්නට
නොහැකි නම්
ඇඳි කසාවත
මද නලේ පාව යා නොදී
රැක ගන්නට...
බබළමින් කහ පිරුවටෙන්...
පියෙන් පිය මනිමින්
පළින් පළ ගිමන් හරිමින්
ගියේ කුමටද සසර තරණය කරන්නට
නොහැකි නම්
ඇඳි කසාවත
මද නලේ පාව යා නොදී
රැක ගන්නට...
08 August, 2010
රට ගියාව...
26 June, 2010
..~මේසයේ උපමාව~..
ඊයේ පෝය දවසෙ හුඟක් දෙනා වගේ මාත් සිල් ගන්න ගියා. බණ කියන්න ආපු එක් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කළ ධර්ම කරුණු ටිකක් මගෙ හිතට තදින්ම කා වැදුණා. මේ බණ ටිකක් ගැඹුරුයි කිව්වත් වැරැදි නෑ.
හාමුදුරුවො උපමාවට ගත්තේ මේසයක්. "මේ මේසෙ කොහෙද තියෙන්නෙ", කියල උන්වහන්සේ තමන් ඉදිරියෙන් තිබුණු මේසය දිහාවට අත දිගු කරල ඇහුවා. ධර්ම ශාලාවේ හිටපු හැම දෙනාගෙම වගේ පිළිතුර වුනේ "ස්වාමීන් වහන්සේගෙ ඉදිරියෙන්", කියන එක.
ඊළඟට උන්වහසේ මේසෙ කකුලක් පෙන්නල අහනවා "මේ කකුලටද මේසෙ කියන්නේ", කියල. ඊළඟට අහනවා "මේ මතුපිටටද මේසෙ කියන්නෙ", කියලා. නමුත් අපි හැමෝටම හිතෙනවා වගේ මේසෙ කියන්නෙ එහි එක් කොටසකට නෙමේ නෙ.
"එහෙනම් මේ කොටස් සියල්ලේ ම එකතුවකටද මේසය කියන්නේ ?"
ස්වාමීන් වහන්සේගේ ඒ පැනයට අන් හැමදෙනාගෙම වගේ මගේත් පිළිතුර වුනේ "ඔව්" කියලා.
"එහෙනම් මම මේ මේසෙ කෑලි සියල්ලම ගලවල එකක්වත් අඩු නොකර එක පොදියකට බැඳල තිබ්බොත් ඒකටත් මේසය කියනවද?". සියලු දෙනාම හිතන්න පටන් ගත්තා.
"දැන් මේසය කෝ? එහෙනම් මේසය කියල දෙයක් නැද්ද ?".
මීලඟට හාමුදුරුවෝ දේශනා කරනවා "පින්වතුනි, මෙතන මේසයක් නෑ කියල සිතීම, මේසයක් තියෙනවා කියලා සිතීමටත් වඩා භයානකයි. මේසය තමා ඉදිරියෙන් තියෙනවා යැයි සිතීම ශාස්වත දෘශ්ඨියයි. මේසයක් නොපවතිනවා යැයි සිතීම උච්ඡේද දෘශ්ඨියයි. ශාස්වත දෘශ්ඨිය නිසා නිවනට මඟ ඇහිරී යනවා. නමුත් උච්ඡේද දෘශ්ඨිය නිසා නිවනට මඟ මෙන්ම දෙව් ලොවට මඟ ද ඇහිරී යනවා. ඒ නිසා මෙතන මේසයක් තිබේ යැයි සිතීමත්, නොතිබේ යයි සිතීමත් දෙකම වැරදියි. ඒ වගේම තවත් කෙනෙකුට මේසයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ යන මතයෙත් ඉන්න පුළුවන්. මේ සියල්ලම වැටෙන්නෙ මිථ්‍යා දෘශ්ඨිය යටතට. ඒ කියන්නෙ යමක් වැරදි ආකාරයෙන් දැකීමයි".
එතකොට මේසෙ දැන් ඇත්තටම කොහෙද තියෙන්නේ...
හාමුදුරුවෝ මේක තේරුම් ගැනීමට පහසු වෙන්න තවත් උපමාවක් අරන් විස්තර කළා. මේක අපි හැමෝම අහල තියෙන උපමාවක්. ඒ තමයි බල්ලෙකු ජලය තුළින් දිස් වෙන උගේම ඡායාවට බිරීම. ජලයෙන් දිස් වන්නේ තවත් බල්ලෙකු යැයි සිතන මේ බල්ලා එම ඡායාව වටා කර්මස්තාන ගොඩ නගා ගන්නවා. මේතන ඡායාවක් නෑ කියල අපිට කියන්න බෑ. විද්‍යාත්මකව ජල දියේ බල්ලෙකුගේ ඡයාරූපය දිස් වෙනවා.
නමුත් ඒ තවත් බල්ලෙක්ය යන සංඥාව ගොඩ නැගී තියෙන්නේ බල්ලාගෙ "සිත තුළ". ඒ වගේම මේ සංඥාව මුල් කොටගෙන බල්ලා තණ්හාව, ක්‍රෝධය, වෛරය නැමැති සිතුවිලි ඇති කර ගන්නවා.
එතකොට අපි කලින් උපමාවට නැවතත් ගිහින් බැලුවොත් ඇත්තටම මේසය තියෙන්නේ කොහෙද? "අපේ සිත තුළයි"...භෞතික වස්තූන්ගෙන් සංඥා ග්රහනය කරගෙන සිත ඒ වටා විවිධ කරමස්තාන ගොඩ නගා ගන්නවා.
යම් පුද්ගලයෙකු දුටු විට අපට ඔහු ගැන කැමත්තක්, කෝපයක්, ඊර්ෂ්‍යාවක්, තණ්හාවක් ආදිය ඇති වෙනවා. නමුත් මේ සියල්ලම අපේ හිත තුළ ඇති වන බල්ලාගේ ඡායාව හා සමාන දේවල්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන සංඥාවන්ගෙන් මනස තුළ ඡායාවන් ගොඩ නැඟිල කලින් කලට දුක් වේදනාත්, සැප වේදනාත් දැනෙන්න සළස්වනවා.
අපේ ජීවිතයත් ඡායාවට රැවටුනු බල්ලෙක් වගේ ගත කරනවද, යථාර්තය ණුවනින් විමසල බලලා නිවැරදි මාර්ගයේ ගමන් කරනවාද යන්න අපිම තීරණය කළ යුතුයි.
"තණ්හාව සංසිඳීමට මත්තෙන්, තණ්හාව යනු කුමක්දැයි අවබෝධ කළ යුතුය."
24 May, 2010
සිතින් සැමදා ලඟින් ඉන්නම්...
කනට කර රහසක් නොකීවත්
දෑත් පටලා ඇවිද නොගියත්
බලා නෙතගින් ඉඟි නොපෑවත්
ඔබ මගේමයි මා ඔබේමයි..
සයුරු රළ පෙළ දෙස බලා හිඳ
ඔබේ උර මත හිස හොවාගෙන
පෙම් වදන් මුමුණා නොකීවත්
ඔබ මගේමයි මා ඔබේමයි..
දිවා රෑ දොඩමලු නොවූවත්
යනෙන සැම තැන සෙවණ නොවුවත්
පෙම් හසුන්, පෙම් ගී නොලීවත්
ඔබ මගේමයි මා ඔබේමයි..
හීන් හිරි පොද වැටෙන සමයේ
එකම කුඩ සෙවණකට ගුලිවී
ඔබ නමින් පෙම් ගී නොකීවත්
ඔබ මගේමයි මා ඔබේමයි..
නෙතින් ඔබ මට දුරස් වූවත්
ගතින් ඔබ මට අහිමි වූවත්
සිතින් සැමදා ලඟින් ඉන්නම්
ඔබ මගේමයි මා ඔබේමයි..
12 May, 2010
ආදරයේ අරුම...
හැම සිනහවකට පසු ම
කිම මෙලෙස සතුටින්
මගේ සිත සැමදාම..
දැනුනු විට මසිතට
කාන්සිය තනිකම
පියඹයි ඔබව සොයමින්
සිත මටත් නොකියම..
මෙපමණ සතුටක් දී
වෙන් වී ගියහම
වැටහුනා මගෙ සිතට
ආදරයේ අරුම..
ඉතිරි කොට ගිය සතුට
මා හදෙහි පත්ලෙහි ම
රැඳී පවතී සදා
මතකයන් අතරෙහි ම..
ආලයේ සොඳුරු බව
මවිසින් ම වින්දහම
ඔබ මගෙම වූ දිනෙක
පාමුලයි මුළු ලොවම..
05 May, 2010
අහෝ ප්‍රේමය...
අහෝ ප්‍රේමය...
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
නෙත් කොනින් මල් සිනා විහිදා
ආදරය යැයි නන් රැඟුම් පා
සිත් මලේ රහසින් ලැගුම් ගත්
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
අහෝ ප්‍රේමය...
සදා සුරකින බවට දිවුරා
මහා කතරක මංමුලා කොට
පවස නිවනට සයුර පෙන් වූ
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
අහෝ ප්‍රේමය...
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
නෙත් කොනින් මල් සිනා විහිදා
ආදරය යැයි නන් රැඟුම් පා
සිත් මලේ රහසින් ලැගුම් ගත්
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
අහෝ ප්‍රේමය...
සදා සුරකින බවට දිවුරා
මහා කතරක මංමුලා කොට
පවස නිවනට සයුර පෙන් වූ
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
අහෝ ප්‍රේමය...
02 May, 2010
නිල් අහසට...
දුර ගැබට පෙම් බැන්ද
ඔත්පල වූ මගේ සිත
හීන් වැහි වැටෙනු දැක
ඒ දෙසට ඇදෙනු කිම..
පුංචි වැහි පොදේ මට
පවසනු මැනේ හනික
නිල් අහස මා වෙතට
එවූ පෙම් පණිවුඩය..
ඔබ නැවත අහස වෙත
ගිය දිනෙක පවසන්න
මගේ සිත දිවා රෑ
මග බලා සිටින වග..
උදා වන හෙට දිනෙක
උඩඟු කම පසෙක ලා
නිල් අහස පොලෝ බැස
මවෙත එන දිනය තෙක්..
ඔත්පල වූ මගේ සිත
හීන් වැහි වැටෙනු දැක
ඒ දෙසට ඇදෙනු කිම..
අහස හිමි නොවන කල
වැසි දියෙන් සැනහෙන්න
අහස මා වෙත එවන
මාගේ නමින් පිදුන..
වැසි දියෙන් සැනහෙන්න
අහස මා වෙත එවන
මාගේ නමින් පිදුන..
පුංචි වැහි පොදේ මට
පවසනු මැනේ හනික
නිල් අහස මා වෙතට
එවූ පෙම් පණිවුඩය..
ඔබ නැවත අහස වෙත
ගිය දිනෙක පවසන්න
මගේ සිත දිවා රෑ
මග බලා සිටින වග..
උදා වන හෙට දිනෙක
උඩඟු කම පසෙක ලා
නිල් අහස පොලෝ බැස
මවෙත එන දිනය තෙක්..
30 April, 2010
29 April, 2010
තවත් එක් කතාවක්...
හිරු මඩලද
සඳවතිය ද
රෑ තුන් යම දිලෙන
රන්වන් තරු කැළ ද
රැගෙනැවිත් මවෙත
සුර සැප පුදන බැව්
දුන් පොරොන්දුව අමතක වීද
සදාකාලික කඳුලක් පුදා
හැර ගියේ ඉතිරි කොට
පෙති හැලුනු සෙව්වන්දියක්..
සඳවතිය ද
රෑ තුන් යම දිලෙන
රන්වන් තරු කැළ ද
රැගෙනැවිත් මවෙත
සුර සැප පුදන බැව්
දුන් පොරොන්දුව අමතක වීද
සදාකාලික කඳුලක් පුදා
හැර ගියේ ඉතිරි කොට
පෙති හැලුනු සෙව්වන්දියක්..
28 April, 2010
සඳ ඔබ වූ කල
ඔබ සඳ නම්
නිසල රාත්‍රියේ
වළා පටලයට මුවා වූ විට
අමාවක සඳ රැයේ
නිහඬවම සැඟව හිඳි විට,
මා කිමෙක් දෙස බලම් ද?

සඳ ඔබ නම්
රාත්‍රියේ පමණක්
මවෙත පැමිණෙන
හිරු රැසින් පිළිස්සුන
දිවා කාලයට,
කිමෙක් මා දෙස බලත් ද?
නිසල රාත්‍රියේ
වළා පටලයට මුවා වූ විට
අමාවක සඳ රැයේ
නිහඬවම සැඟව හිඳි විට,
මා කිමෙක් දෙස බලම් ද?

සඳ ඔබ නම්
රාත්‍රියේ පමණක්
මවෙත පැමිණෙන
හිරු රැසින් පිළිස්සුන
දිවා කාලයට,
කිමෙක් මා දෙස බලත් ද?
පළවෙනි පිටුව
දවස තිස්සෙම කම්පියුටරේ ළඟට වෙලා ඊමේල් forward කර කර ඉන්නවට වඩා blog එකක් ලිව්වොත් වටිනවනේ කියලා දවසක මටත් හිතුනා...ඉතින් මගේ කුළුඳුල් උත්සාහයේ පළවෙනි පිටුව තමයි මේ...
Subscribe to:
Posts (Atom)