02 May, 2010

නිල් අහසට...

දුර ගැබට පෙම් බැන්ද
ඔත්පල වූ මගේ සිත
හීන් වැහි වැටෙනු දැක
ඒ දෙසට ඇදෙනු කිම..

                     අහස හිමි නොවන කල
                     වැසි දියෙන් සැනහෙන්න
                     අහස මා වෙත එවන
                     මාගේ නමින් පිදුන..

පුංචි වැහි පොදේ මට
පවසනු මැනේ හනික
නිල් අහස මා වෙතට
එවූ පෙම් පණිවුඩය..

                     ඔබ නැවත අහස වෙත
                     ගිය දිනෙක පවසන්න
                     මගේ සිත දිවා රෑ
                     මග බලා සිටින වග..

උදා වන හෙට දිනෙක
උඩඟු කම පසෙක ලා
නිල් අහස පොලෝ බැස
මවෙත එන දිනය තෙක්..

2 comments:

  1. ලස්සන පද පෙළක් වගේම ලස්සන අදහසක් සහෝ

    මම හිතන්නේ ඔයා තවම මේ බ්ලොග් එක් සින්ඩ්කේටර් එකට දාලා නෑ වේන්න ඇති. නැත්කම් ඒ ගැන පොඩ්ඩක් බලන්න. එතකොට ගොඩක් අය ඔයාගේ බ්ලොග් එක බලයිනේ....

    ReplyDelete
  2. සිංහල බ්ලොග් ලෝකෙට අලුත් අපි වගේ අයට පාර කියා දෙන මිතුර..ඔබට බොහොමත් ම ස්තුති.. :)

    ReplyDelete