24 May, 2010
සිතින් සැමදා ලඟින් ඉන්නම්...
කනට කර රහසක් නොකීවත්
දෑත් පටලා ඇවිද නොගියත්
බලා නෙතගින් ඉඟි නොපෑවත්
ඔබ මගේමයි මා ඔබේමයි..
සයුරු රළ පෙළ දෙස බලා හිඳ
ඔබේ උර මත හිස හොවාගෙන
පෙම් වදන් මුමුණා නොකීවත්
ඔබ මගේමයි මා ඔබේමයි..
දිවා රෑ දොඩමලු නොවූවත්
යනෙන සැම තැන සෙවණ නොවුවත්
පෙම් හසුන්, පෙම් ගී නොලීවත්
ඔබ මගේමයි මා ඔබේමයි..
හීන් හිරි පොද වැටෙන සමයේ
එකම කුඩ සෙවණකට ගුලිවී
ඔබ නමින් පෙම් ගී නොකීවත්
ඔබ මගේමයි මා ඔබේමයි..
නෙතින් ඔබ මට දුරස් වූවත්
ගතින් ඔබ මට අහිමි වූවත්
සිතින් සැමදා ලඟින් ඉන්නම්
ඔබ මගේමයි මා ඔබේමයි..
12 May, 2010
ආදරයේ අරුම...
හැම සිනහවකට පසු ම
කිම මෙලෙස සතුටින්
මගේ සිත සැමදාම..
දැනුනු විට මසිතට
කාන්සිය තනිකම
පියඹයි ඔබව සොයමින්
සිත මටත් නොකියම..
මෙපමණ සතුටක් දී
වෙන් වී ගියහම
වැටහුනා මගෙ සිතට
ආදරයේ අරුම..
ඉතිරි කොට ගිය සතුට
මා හදෙහි පත්ලෙහි ම
රැඳී පවතී සදා
මතකයන් අතරෙහි ම..
ආලයේ සොඳුරු බව
මවිසින් ම වින්දහම
ඔබ මගෙම වූ දිනෙක
පාමුලයි මුළු ලොවම..
05 May, 2010
අහෝ ප්‍රේමය...
අහෝ ප්‍රේමය...
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
නෙත් කොනින් මල් සිනා විහිදා
ආදරය යැයි නන් රැඟුම් පා
සිත් මලේ රහසින් ලැගුම් ගත්
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
අහෝ ප්‍රේමය...
සදා සුරකින බවට දිවුරා
මහා කතරක මංමුලා කොට
පවස නිවනට සයුර පෙන් වූ
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
අහෝ ප්‍රේමය...
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
නෙත් කොනින් මල් සිනා විහිදා
ආදරය යැයි නන් රැඟුම් පා
සිත් මලේ රහසින් ලැගුම් ගත්
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
අහෝ ප්‍රේමය...
සදා සුරකින බවට දිවුරා
මහා කතරක මංමුලා කොට
පවස නිවනට සයුර පෙන් වූ
නුඹ ගෙනා ඒ මිරිඟුවයි මෙය
අහෝ ප්‍රේමය...
02 May, 2010
නිල් අහසට...
දුර ගැබට පෙම් බැන්ද
ඔත්පල වූ මගේ සිත
හීන් වැහි වැටෙනු දැක
ඒ දෙසට ඇදෙනු කිම..
පුංචි වැහි පොදේ මට
පවසනු මැනේ හනික
නිල් අහස මා වෙතට
එවූ පෙම් පණිවුඩය..
ඔබ නැවත අහස වෙත
ගිය දිනෙක පවසන්න
මගේ සිත දිවා රෑ
මග බලා සිටින වග..
උදා වන හෙට දිනෙක
උඩඟු කම පසෙක ලා
නිල් අහස පොලෝ බැස
මවෙත එන දිනය තෙක්..
ඔත්පල වූ මගේ සිත
හීන් වැහි වැටෙනු දැක
ඒ දෙසට ඇදෙනු කිම..
අහස හිමි නොවන කල
වැසි දියෙන් සැනහෙන්න
අහස මා වෙත එවන
මාගේ නමින් පිදුන..
වැසි දියෙන් සැනහෙන්න
අහස මා වෙත එවන
මාගේ නමින් පිදුන..
පුංචි වැහි පොදේ මට
පවසනු මැනේ හනික
නිල් අහස මා වෙතට
එවූ පෙම් පණිවුඩය..
ඔබ නැවත අහස වෙත
ගිය දිනෙක පවසන්න
මගේ සිත දිවා රෑ
මග බලා සිටින වග..
උදා වන හෙට දිනෙක
උඩඟු කම පසෙක ලා
නිල් අහස පොලෝ බැස
මවෙත එන දිනය තෙක්..
30 April, 2010
29 April, 2010
තවත් එක් කතාවක්...
හිරු මඩලද
සඳවතිය ද
රෑ තුන් යම දිලෙන
රන්වන් තරු කැළ ද
රැගෙනැවිත් මවෙත
සුර සැප පුදන බැව්
දුන් පොරොන්දුව අමතක වීද
සදාකාලික කඳුලක් පුදා
හැර ගියේ ඉතිරි කොට
පෙති හැලුනු සෙව්වන්දියක්..
සඳවතිය ද
රෑ තුන් යම දිලෙන
රන්වන් තරු කැළ ද
රැගෙනැවිත් මවෙත
සුර සැප පුදන බැව්
දුන් පොරොන්දුව අමතක වීද
සදාකාලික කඳුලක් පුදා
හැර ගියේ ඉතිරි කොට
පෙති හැලුනු සෙව්වන්දියක්..
28 April, 2010
සඳ ඔබ වූ කල
ඔබ සඳ නම්
නිසල රාත්‍රියේ
වළා පටලයට මුවා වූ විට
අමාවක සඳ රැයේ
නිහඬවම සැඟව හිඳි විට,
මා කිමෙක් දෙස බලම් ද?

සඳ ඔබ නම්
රාත්‍රියේ පමණක්
මවෙත පැමිණෙන
හිරු රැසින් පිළිස්සුන
දිවා කාලයට,
කිමෙක් මා දෙස බලත් ද?
නිසල රාත්‍රියේ
වළා පටලයට මුවා වූ විට
අමාවක සඳ රැයේ
නිහඬවම සැඟව හිඳි විට,
මා කිමෙක් දෙස බලම් ද?

සඳ ඔබ නම්
රාත්‍රියේ පමණක්
මවෙත පැමිණෙන
හිරු රැසින් පිළිස්සුන
දිවා කාලයට,
කිමෙක් මා දෙස බලත් ද?
Subscribe to:
Posts (Atom)




