12 May, 2010

ආදරයේ අරුම...


උණු කඳුලු බිඳක් නම්
හැම සිනහවකට පසු ම
කිම මෙලෙස සතුටින්
මගේ සිත සැමදාම..

දැනුනු විට මසිතට
කාන්සිය තනිකම
පියඹයි ඔබව සොයමින්
සිත මටත් නොකියම..

මෙපමණ සතුටක් දී
වෙන් වී ගියහම
වැටහුනා මගෙ සිතට
ආදරයේ අරුම..

ඉතිරි කොට ගිය සතුට
මා හදෙහි පත්ලෙහි ම
රැඳී පවතී සදා
මතකයන් අතරෙහි ම..

ආලයේ සොඳුරු බව
මවිසින් ම වින්දහම
ඔබ මගෙම වූ දිනෙක
පාමුලයි මුළු ලොවම..

2 comments:

  1. හොදයි ඔයා කැමතිනම් මගේ පෝරම් එකටත් කවි කතා නිසදැස් දාන්න
    http://sriwow.info/index.php?action=forum

    ReplyDelete