30 April, 2010

බලා හිඳීම...


කලුවර අහසක්
විඩාබර ඇසක්
වැසි වැටන කලක්
මතකයන් පෙළක්
ඇයි ගෙන එන්නේ
කියා ගත නොහී
සාංකාවක්..

29 April, 2010

තවත් එක් කතාවක්...


හිරු මඩලද
සඳවතිය ද
රෑ තුන් යම දිලෙන
රන්වන් තරු කැළ ද
රැගෙනැවිත් මවෙත
සුර සැප පුදන බැව්
දුන් පොරොන්දුව අමතක වීද
සදාකාලික කඳුලක් පුදා
හැර ගියේ ඉතිරි කොට
පෙති හැලුනු සෙව්වන්දියක්..

28 April, 2010

සඳ ඔබ වූ කල

ඔබ සඳ නම්
නිසල රාත්‍රියේ
වළා පටලයට මුවා වූ විට
අමාවක සඳ රැයේ
නිහඬවම සැඟව හිඳි විට,

මා කිමෙක් දෙස බලම් ද?



සඳ ඔබ නම්
රාත්‍රියේ පමණක්
මවෙත පැමිණෙන
හිරු රැසින් පිළිස්සුන
දිවා කාලයට,

කිමෙක් මා දෙස බලත් ද?

පළවෙනි පිටුව

දවස තිස්සෙම කම්පියුටරේ ළඟට වෙලා ඊමේල් forward කර කර ඉන්නවට වඩා blog එකක් ලිව්වොත් වටිනවනේ කියලා දවසක මටත් හිතුනා...ඉතින් මගේ කුළුඳුල් උත්සාහයේ පළවෙනි පිටුව තමයි මේ...