24 May, 2010

සිතින් සැමදා ලඟින් ඉන්නම්...


                                       කනට කර රහසක් නොකීවත්
                                       දෑත් පටලා ඇවිද නොගියත්
                                       බලා නෙතගින් ඉඟි නොපෑවත්
                                       ඔබ මගේමයි මා ඔබේමයි..

                                                         සයුරු රළ පෙළ දෙස බලා හිඳ
                                                         ඔබේ උර මත හිස හොවාගෙන
                                                         පෙම් වදන් මුමුණා නොකීවත්
                                                         ඔබ මගේමයි මා ඔබේමයි..

                                       දිවා රෑ දොඩමලු නොවූවත්
                                       යනෙන සැම තැන සෙවණ නොවුවත්
                                       පෙම් හසුන්, පෙම් ගී නොලීවත්
                                       ඔබ මගේමයි මා ඔබේමයි..

                                                          හීන් හිරි පොද වැටෙන සමයේ
                                                          එකම කුඩ සෙවණකට ගුලිවී
                                                          ඔබ නමින් පෙම් ගී නොකීවත්
                                                          ඔබ මගේමයි මා ඔබේමයි..

                                       නෙතින් ඔබ මට දුරස් වූවත්
                                       ගතින් ඔබ මට අහිමි වූවත්
                                       සිතින් සැමදා ලඟින් ඉන්නම්
                                       ඔබ මගේමයි මා ඔබේමයි..

3 comments:

  1. ලස්සන කවියක්.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  2. ලස්සනයි දිගටම ලියන්න..

    ReplyDelete
  3. බොහොමත්ම ස්තූතියි මැණික් සහ කරුමක්කාරයා..
    හිතට දිරියක් ලැබුණා නැවතත් ලියන්න....

    ReplyDelete