08 August, 2010

රට ගියාව...


වසත් කළ ගෙවෙමින් දිනෙන් දින
     රැළි වැටුණ නෙතගින්
බලා හිඳිමින් නැතිව ඉවසුම්
      මහන්සියි මට නම්..

වහින වැස්සට නොතෙමි ඉන්නම්
       මඟ බලා සතුටෙන්
දග කරයි නෙක සිතුම් මවමින්
        සිතට නෑ ඉවසුම්..

ඉරත් බැස යයි සඳත් බැස යයි
       පමා ඇයි මෙතරම්
නෙතග දිලිසෙන කඳුලු කැටයත්
     සිනාසෙයි දැන් නම්..

2 comments:

  1. ඉරත් නැති හඳත් නැති අම්මවක අහසක...තරු එළියක් වත් දකින්නට නැති මොහොතක....

    ReplyDelete
  2. ඉර හඳ තරු නොපෙනීම ගොහින්
    කණාමැදිරි එළියක්වත්
    නොවැටෙන එකමයි හොඳ..
    හිතේ සිර වුණු කඳුළු අහුරට..

    ReplyDelete