08 August, 2010

රට ගියාව...


වසත් කළ ගෙවෙමින් දිනෙන් දින
     රැළි වැටුණ නෙතගින්
බලා හිඳිමින් නැතිව ඉවසුම්
      මහන්සියි මට නම්..

වහින වැස්සට නොතෙමි ඉන්නම්
       මඟ බලා සතුටෙන්
දග කරයි නෙක සිතුම් මවමින්
        සිතට නෑ ඉවසුම්..

ඉරත් බැස යයි සඳත් බැස යයි
       පමා ඇයි මෙතරම්
නෙතග දිලිසෙන කඳුලු කැටයත්
     සිනාසෙයි දැන් නම්..